IMG-LOGO

කලවානේ කඩ සාප්පු විවෘත කරයි

(අජිත්ලාල් ශාන්තඋදය)

දින දෙකක් වසා දැමුණු කලවා, මානන  නගරයේ වෙළඳසැල් සුපුරුදු පරිදි  මහජනයා සඳහා අද  (17) යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
 
කලවාන, හඟරංගල පදිංචි,  කන්දකාඩු  පුනරුත්ථාපන කඳවුරේ සේවය කළ යුද හමුදාවේ නිලධාරියෙක් කෝවිඞ් 19  ආසාදිත බව තහවුරුවීම කඩසාප්පු වසා දැමීමට හේතු විය.

එම  නිලධාරියා සිය ගම වු හඟරංගලට පැමිණ, පසුව ආපසු කැඳවාගෙන ගොස් පී සී ආර් පරීක්ෂණයකින් පසු ඔහුට කොරෝනා ආසාදිත බව තහවුරුවී තිබුණි.

 පසුව ඔහුගේ පවුලේ අය සහ සමීපව ඇසුරු කළ අය නිරෝධායනට යොමු කර තිබිණි. නිවාඩුවට ආ හමුදා සෙබළා  කලවාන, මානන නගරයේ මුල්‍ය ආයතනයක් ඇතුලු ස්ථාන ගණනාවකට ගිය බවට තොරතුරු අනාවරණය විමත් සමඟ  ව්‍යාපාරිකයන් විසින් ඉකුත්  14 වැනිදා  වෙළඳසල්  ස්වේච්ඡාවෙන්ම වසා දමනු ලැබීය.
 
වසා දැමුණු වෙළඳසැල් වලින් කිහිපයක් පමණක් ඊයේ  (16)  විවෘත  කරනු ලැබූ අතර අද (17)  වනවිට සියල්ලම පාහේ  විවෘත කර ඇත.
 
කලවාන, මානාන නගරයේ වෙළඳසැල් වසා දැමීමට තමන් කිසිඳු  අවස්ථාවක නියම නොකළ බව පොලිසිය  සහ සෞඛ්‍ය බලධාරීහූ අවධාරණය කළහ.
 
නිරෝධායනයට ලක්කළ යුතු ස්ථාන වලට පමණක ඔවුන් සීමාමායිම් පැනවුවත් කලවාන, මානාන නගරයේ සෙසු වෙළඳසැල් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් පවත්වාගෙන යාමට අවස්ථාව දී තිබු බවද පැවසීය.
 
කඩසාප්පු විවෘත කිරීමත් සමඟ අවට ගම්වල ජනතාව සිය අවශ්‍යතා මිලදී ගැනීමට 17දා කලවාන මානාන නගරයට පැමිණ සිටියහ.
 
කලාවන නගරය හඳුන්වන්නේ මානාන නමිනි.



අදහස් (0)

කලවානේ කඩ සාප්පු විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site