(ඩබ් ඒ පියතිලක)
හබරණ ත්‍රිකුණාමල මාර්ගයේ දී වනඅලියකු ලොරි රථයකට හප්පා මරණයට පත් කළ වරදට ලොරි රථයේ රියදුරාට රුපියල් 150,000 ක දඩයක් හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා විසින් නියම කළ බව කවුඩුල්ල ජාතික උද්‍යාන භාරකරු ප්‍රදිප් කුමාර හෙට්ටි ආරච්චි මහතා පැවසීය.
හබරණ ත්‍රිකුණාමල මාර්ගයේ සිමෙන්ති පටවාගෙන කොළඹට රැගෙන යමින් තිබු විශාල ප්‍රමාණයේ ලොරි රථයක ගැටීමෙන් වයස අවුරුදු 25 පමණ වනඅලියකු මරණයට පත්විය.
මෙම අනතුර වෙන අවස්ථාවේ මියගිය වනඅලියා හුරුඵ ජාතික උද්‍යානයේ සිට කවුඩුල්ල ජාතික උද්‍යානය වෙත මාරු විමෙන් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
රියදුරන්ගේ නොසැළකිලිමත් රිය ධාවනයෙන් මෙම වන අලියා මරණයට පත්ව ඇති බවට වනජිවී නිළධාරින් විසින් කළ විමර්ශන වලදී අනාවරණය විය. පසුව වනජිවි පශූ වෛද්‍යවරුන්ගේ පශ්චාත් මරණ පරික්ෂණ සිදු කිරිමෙන් පසු වනඅලියාගේ මරණයට හේතුව සදහන් කර ඇත.
ලොරි රථයේ රියදුරු වන කුරුණෑගල කුඹුක්වැව ප්‍රදේශයේ පදිංචි කෝනර මුදියන්සේලාගේ තරංග නුවන් කෝනර යන අයට රුපියල් 150,000 ක දඩයක් හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා විසින් නියම කරනු ලැබීය.
කවුඩුල්ල ජාතික උද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර හෙට්ටි ආරච්චි මහතා ඇතුළු වනජිවී නිළධාරින් පිරිසක් මෙහි විමර්ශන කටයුතු කර අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
හබරණ මාර්ගයේ වනඅලියකු හැප්පූ රියදුරුට දඩ
jaya Thursday, 16 July 2020 10:53 AM
දැන් අලියා පාරට ආවද. ලොරිය කැලේ ගියාද.? මටනම් තේරෙන්නේ නැහැ මේක.
රිතික් Thursday, 16 July 2020 03:00 PM
එතකොට දඩය ගෙවන්නේ මරණකාර අලියාගේ ඥාතීන්ටද?