(කේෂර ගුණතිලක)
සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලබද්ද ප්‍රදේශයට ඇදහැලුණු මහවැස්සක් සමඟ හමාගිය දැඩි සුළගින් ගස් කඩා වැටීමෙන් නිවාස 15 කට අලාභ හානි සිදුවී ඇතැයි මොනරාගල ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මේ හේතුවෙන් මොනරාගල සියඹලාණ්ඩුව මාර්ගයේ වාහන ගමනාගමනය පැය තුනක පමණ කාලයක් ඇනහිට ප්‍රදේශයේ විදුලියද විසන්ධිවී තිබූ බවද එම නිලධාරීහු කියති. ගසක් කඩාවැටීමෙන් ගලබැද්ද 264 වෙනි සැතපුම් කණුව අසල පිහිටි විදුලි ට්‍රාන්ස්ෆෝමරයකට හානි සිදුවීමෙන් ප්‍රදේශයේ විදුලිය සම්පුර්ණයෙන්ම ඇන හිට තිබිණි.
මෙම සුළගින් කිඹුලාගල නිවාස 10 කටද බෙරලියහෙළ නිවාස 4 කටද ලියන්ගොල්ලේ එක් නිවාසයකටද ගස් කඩා වැටීමෙන් අර්ධ හානි සිදුවී ඇත.
සිද්ධිය සැලවූ වහාම මොනරාගල දිසාපති ගුණදාස සමරසිංහ මහතාගේ උපදෙස් පිට සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් අසංක දයාරත්න මහතා එම ප්‍රදේශයට ගොස් ප්‍රදේශවාසීන්, පොලීසිය,ආපදාකළමනාකරණ ඒකකය,දැව සංස්ථාව සහ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභා සේවකයින්ගේ සහාය ඇතිව මාර්ගයට කඩා වැටී තිබූ ගස් කපා ඉවත්කොට මාර්ගයේ එක් මංතීරුවක් වාහන ධාවනය සඳහා සුදුසු තත්වයට පත්කර ඇත.
නිවාස වලට සිදුවූ හානිය පිළිබඳව තක්සේරු කොට වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් අසංක දයාරත්න මහතා පැවසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දැඩි සුළඟින් මොනරාගල ගලබැද්දේ නිවාස 15 කට හානි