( රොමේෂ් මධුෂංඛ)
මුලතිව් නයාරු මහ ත්‍රිකුණාමලය කුඹුරුපිඩ්ඩි මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධීව මසුන් අල්ලමින් සිටි ධීවරයින් 19 දෙනෙකු හා ධීවර යාත්‍රා 07ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
නැගෙනහිර නාවික විධානයට අයත් නාවික සෙබලුන් පිරිසක් විසින් කුඹුරුපිඩ්ඩි සහ නයාරු මුහුදු තීරයේ සෝදිසි නිරීක්ෂණයක නිරත වූ අවස්ථාවේදී එලෙස තහනම් දැල් යොදා මසුන් අල්ලමින් සිටි ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ධීවරයින් 19 දෙනා සමගින් තහනම් දැල් හා මසුන් මැරීමට යොදාගත් උපකරණ සමගින් මෙසේ නාවික හමුදා භාරයට ගනු ලැබීය.
නාවික හමුදා භාරයට ගත් ධීවරයින් වයස 25ත් 49 ත් අතර පසුවන කෝකිලායි, පදවි ශ්‍රීපුර, මදුරක්කුලිය සහ පුල්මඩේ පදිංචි කරුවන් වන අතර ඔවුන් වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යලය වෙතට භාර දීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
නයාරු මුහුදේ නීති විරෝධිව මසුන් ඇල්ලු 19 ක් අත්අඩංගුවට