
(එස්.ඩි.කොඩිකාර )
පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් සහ ඌරු මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ අද (16) අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගයේ දියදාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ත් 40 ත් අතර වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයන් බව කොටපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.එම්.වීරසිංහ මහතා පැවසීය.
මෙම ඌරු මස් සහ කුකුල් මස් නියමිත උෂ්ණත්වයේ පවත්වා නොගෙන ප්‍රවාහනය කරමින් සිටි බවත් ඒවා කුලියාපිටිය ප්‍රදේශයේ සිට දෙනියාය ප්‍රදේශයේ වෙළඳසැල් වලට බෙදාහැරීම සඳහා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බවත් ඒ මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් මස් තොගය මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිතුනආරච්චි මෙනවිය වෙත අද (16) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒවා භූමිතෙල් යොදා විනාශ කරන ලෙස නියෝගකළ අතර නඩුව ලබන (24) වැනිදා දක්වා කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපරාදේ ඔය මස් අපතේ දාන්න එපා...