(ක.ග.කරුණාරත්න)
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක පිහිටි නිවාස 67ක් අසාමාන්‍ය ලෙස ඉරිතලා පුපුරායාමකට ලක්වීම නිසා ඒවායේ වාසය කිරීම අධි අවදානම් සහිත යැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දී තිබෙන බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
ඒ අනුව එම නිවාසවලින් ඉවත්ව ආරක්‍ෂිත ස්ථානවලට යන ලෙස එහි පදිංචිකරුවන්ට දැනුම්දී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා අද(15) ප්‍රකාශ කළේය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළ ක්‍ෂෙත්‍ර පරීක්‍ෂණවලින් පසුව මෙම නිර්දේශය නිකුත්කර ඇතැයිද ඒ මහතා කීය.
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 38 රජඇළ, අංක 69 හිඟුරක, අංක56 මින්නේරිය, අංක 65 පාසියාවැව, අංක 66 බුබුල සහ අංක51 උණගලාවෙහෙර බටහිර යන ග්‍රාම නිලධාරී වසම්වල මෙම නිවාස පිහිටා තිබෙන අතර ඒවායේ වෙසෙන පුද්ගලයන් සංඛ්‍යාව 213ක් බවට ගණන් බලා තිබේ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
හිඟුරක්ගොඩ නිවාස 67ක් ඉරිතලා පුපුරලා