
(ජේ.කේ.එල් .චාමින්ද)
ගොනාපිනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පදිංචි පුද්ගලයින් 54 දෙනෙකු පී. සී. ආර්. පරීක්ෂණවලට ලක්කළ බවත් අද (16) පස්වරුවේ ලැබුණු වාර්තා අනුව ඉන් කිසිඳු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පැවසීය.
හබරාදුව හිනටිගල ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශකවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු ගොනපිනුවල ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පළමුපෙළ , දෙවැනිපෙළ සහ තෙවැනිපෙළ ආශ්‍රිතයින් පී. සී. ආර් පරීක්ෂණවලට ලක්කළ බව ද ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා සඳහන් කළේය.
එම පරීක්ෂණ වාර්තා අද පස්වරුවේ ලැබුණු බවත් ඒ කිසිඳු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd