(ජේ.කේ.එල් .චාමින්ද)
ගොනාපිනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පදිංචි පුද්ගලයින් 54 දෙනෙකු පී. සී. ආර්. පරීක්ෂණවලට ලක්කළ බවත් අද (16) පස්වරුවේ ලැබුණු වාර්තා අනුව ඉන් කිසිඳු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පැවසීය.
හබරාදුව හිනටිගල ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශකවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු ගොනපිනුවල ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පළමුපෙළ , දෙවැනිපෙළ සහ තෙවැනිපෙළ ආශ්‍රිතයින් පී. සී. ආර් පරීක්ෂණවලට ලක්කළ බව ද ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා සඳහන් කළේය.
එම පරීක්ෂණ වාර්තා අද පස්වරුවේ ලැබුණු බවත් ඒ කිසිඳු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවද හෙතෙම පැවසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ගොනාපිනුවල ප්‍රදේශයේ 54 කට කොරෝනා නෑ