
(ටෝනි කරුණානායක)
රජයේ සේවකයෙකුගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදි එම චෝදනාවට අදාළ සැකකරුව ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (16) නිදොස් කොට නිදහස් කළේය.
වතුරුගම බටේපොල ප්‍රදේශයේ පදිංචි කේ.ඒ.දක්සින සමිර කුමාරසිංහ නැමැති සැකකරු ව මෙසේ වෝදනා වලින් නිදොස් කොට නිදහස් කෙරුණි.
2019 වර්ෂයේ මාර්තු මස30 වෙනිදා හෝ ඊට ආසන්න දිනයක දී මල්වතුහිරිපිටිය
ක්‍රීඩාංගනයේ පැවති සංගිත ප්‍රසංගයක ප්‍රවේශ පත්‍ර පරික්සා කිරීම සඳහා ගිය මහර ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකට පහරදී රාජකාරියට බාදා කර සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනාව මල්වතුහිරිපිටිය පොලිසිය මගින් සැකකරුට ගොනු කර තිබුනි.
සැකකරුට විරුද්ධව ඇති චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින් සැකකරු ව මෙසේ නිදොස් කොට නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රජයේ සේවකයෙකුට පහරදීමේ චෝදනාවෙන් සැකකරු නිදහස්