(ජේ.කේ.එල්. චාමින්ද)
මාස අටක බිලිඳකුගේ ඇඟට නටමින් තිබූ උණුවතුර විසි කළ බිලිඳාගේ පුංචි අම්මා අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, 17 හැවිරිදි තැනැත්තියකි.
බිලිඳා බරපතල පිළිස්සුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.
පෝද්දල පොලිස් බල ප්‍රදේශයට අයත් මැහිමුල්ල ප්‍රදේශයේ නිවසක බිලිඳාගේ මව, පියා, ඔවුන්ගේ පුංචි අම්මා සහ මව්පියවරු පදිංචිව සිටිති. පුංචි අම්මා තේ උණුකරමින් සිටියදි ඇතිවු සිද්ධියක් හේතුවෙන් ඇය නටමින් තිබු උණුවතුර බිලිඳාගේ ඇඟට විසිකොට ඇති අතර ඒ සමග මව බිලිඳා බදාගෙන තිබේ. මේ නිසා මවද පිළිස්සුම් තුවාල ලබා ඇත.
සැකකාරිය අද (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හද කකියවන ඉතාමත් වේදනාකාරී පුවතක් ... මේ පුංචි අම්මගෙ ක්ෂණික කෝපය නිසා දුරදිග නොසිතා මේ කළ දරුණු වැඩේ නිසා මේ කිරිකැටි බිලිඳා මොනතරම් වේදනාවකට පත් වෙන්නට ඇද්ද .... දෙවියනේ .... !!! මෙවැනි දේ අසන්නට දකින්නට අප මොන තරම් අවාසනාවන්ත ඇද්ද .... ?