
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
බස් රථයක් තුළදී කාන්තාවකගේ ගමන් බෑගයෙන් මුදල් පසුම්බියක් සොරා ගැනීමට උත්සහ දැරූ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත්බව මොරටුව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිරිහාන පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් සංදේශ කොට්ඨාසයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලිසිය කීය.
ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය වන බස් රථයක් තුළදී කාන්තාවක් සතු ගමන් බෑගයකින් මුදල් පසුම්බිය සොරා ගැනීමට සැකකාර කොස්තාපල්වරයා උත්සාහ දැරීමේදී එම කාන්තාව කෑ ගැසීමත් සමඟම බස් රථයේ සිටි මගීන් විසින් සැකකරු අල්ලා පොලිසියට භාරදුන් බව පොලිසිය පැවැසීය.
කළුතර වරකාගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd