IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දුම්වැටි 1400 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

(එස්. ඩි.කොඩිකාර)

විදේශ රටක නිෂ්පාදිත  නීතිවිරෝධී දුම්වැටි 1400 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (21) අකුරැස්ස - දෙනියාය  ප්‍රධාන මාර්ගයේ ගල්දොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව කොස්මෝදර පොලිසිය කියයි.

දුම්වැටි තොගය ප්‍රවාහනය කළ වෑන් රථයද අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ත් 37 අතර වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිසිය කියයි.

මෙම සිගරට් තොගයෙහි  වටිනාකම රුපියල් 112000 පමණ වන බවත්  එක් සිගරට්ටුවක්  රුපියල් 80.00 බැගින් අලෙවි කර ඇති බවත් පොලිසියේ උසස්  නිලධාරියෙකු පැවසීය.

සෙල්ලම් බඩු අලෙවි කරන මුවාවෙන් මාස කිහිපයක් තිස්සේ මෙම ජාවාරම සිදු කරන බවට  කොස්මෝදර පොලිසියේ  විශේෂ කාර්යාංශයට  ලද තොරතුරක් මත  මෙම වැටලීම සිදු කර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (22) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

දුම්වැටි 1400 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site