
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල හිරිඹුර ටොරින්ටන් ටෙරස්හි නිවසක ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය පුද්ගලයා තවදුරටත් ලබන 7 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (24) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ කාරියවසම් විරසිංහ ප්‍රියංග නමැති 51 හැවිරිදි සැකකරුවෙකි.
වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් ඉකුත් (13) සවස ව්‍යාජ ලේඛන රැසක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා පෝද්දල පොලිසියට බාරදී ඇත .
හිස් විදුලිබිල් ජලබිල් සහ මුද්‍රණය කරන ලද විදුලිබිල්, ජලබිල්, පුද්ගල හැඳුනුම්පත්,ගනුදෙනුකරුවන්ට නිකුත් කරන රාජ්‍ය බැංකුවක හිස් ගිණූම් පොත් 48ක් උප්පැන්න සහතික ,විවාහ සහතික, රියදුරු බලපත්‍ර සහ පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පමණක් සතු ලැමිනේටින් කොළ විශාල ප්‍රමාණයක් ගාල්ල මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාගේ ද, ප්‍රධාන පාසල්වල විදුහල්පතිවරුන්ගේද, ග්‍රාම නිලධාරිවරුන්ගේද, ඉඩම් කොමසාරිස්වරයාගේද, මෝටර් රථ පරික්ෂකවරයාගේ ද ඇතුළු රජයේ නිලධාරන්ගේ ව්‍යාජ නිල මුද්‍රා 88ක් ද එම රබර් මුද්‍රා සකස් කරන යන්ත්‍රයක් ද සමග කූට ලේඛන රැසක් සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගනු ලැබීය.
නම් තුනකින් මුද්‍රණය කරන ලද සැකකරුගේ හැඳුනුම්පත් තුනක් ද සොයාගෙන ඇති අතර ඒවා මුද්‍රණය කරනු ලබන විශේෂිත කඩදාසි සහ ලැමිනේටින් කඩදාසි ද සොයාගෙන ඇත. එම කඩදාසි සහ ලැමිනේටින් කඩදාසි පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පමණක් භාවිතා කරනු ලබන ඒවා බවද පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
754
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය පුද්ගලයා යළි රිමාන්ඩ්