
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර ලීසිං ආයතනයක අද(22) උදෑසන ඇති වු ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සමත් විය.
ගින්නෙන් එම ආයතනයේ තිබු වටිනා ලියකියවිලි ඇතුළු දේපළ රැසකට දැඩි අලාභ හානි සිදු වී තිබුණි.
මේ හේතුවෙන්, එම ගොඩනැගිල්ල තුළ පවත්වා ගෙන ගිය පෞද්ගලික බැංකුවකට ඇතුළු ආයතන කිහිපයකට අද උදෑසන කාලයේ සිය කාර්යාලීය කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගෙනයාමට නොහැකි වී තිබුණි. පැය දෙකක් පමණ කාලයක් තුළදී එම ගින්න නිවා දැමීමට නිලධාරීන්ට හැකි වූ අතර, මාතර පොලීසියේ නිලධාරීහු ද ඒ සඳහා සහයෝගය ලබා දුන්හ.
මෙය විදුලි කාන්දුවක් හේතුවෙන් සිදුවූයේ ද, නැතහොත් කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න මේ දක්වා අනාවරණය වී නොමැත. මාතර මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd