
(එච් චන්දන සහ රෝවන් පෙරේරා )
නවීන සුඛෝපභෝගී කාර් රථයකින් මීඩියා නමින් ව්‍යාජ ලෙස පෙනී සිටිමින් නිතීවිරෝධී මැතිවරණ ප්‍රචාරණ කටයතු කළ පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලීසිය පවසයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩයමක් ලෙස තරග වදින හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුට අදාළව ප්‍රචාරණ කටයතු නිරත පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
කාර් රථයේ තිබී අත් පත්‍රිකා 100 ක් , පොස්ටර් 298 , අත් පත්‍රිකා කාඩ් 430 , ස්ටිකර් 4 ක්, නම සදහන් ටීෂර්ට් 3 යි , අත්පන්දු බෝල දෙකක් පොලිසිය බාරයට ගෙන ඇත.
මෙම අපේක්ෂකයා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් මෙහෙයවනු ලබන තරාදිය ලකුණෙන් පුත්තලම දිස්ත්‍රික්කයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින අපේක්ෂකයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත නිදහස් කර පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd