
(නිශාන්ත කුමාර)
මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වැරදි සම්බන්ධයෙන් උසාවිය මග හරිමින් වරෙන්තු පිට සැඟවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු හා නීතිවිරෝධීව මත්පැන් අලෙවි කරමින් සිටි දෙදෙනෙකු අද (22) අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය කිරිවෙහෙර හා පරණ මහියංගන පාර පදිංචි වයස අවුරුදු 30-52 අතර පුද්ගලයින් සිව්දෙනෙකි. අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකුට වරෙන්තු දෙකක් පවතින බවද පොලිසිය පවසයි.
සැකකරුවන් සතුව තිබූ මත්පැන් බෝතල් 3 ක් ද පොලිසිය බාරයට ගෙන තිබේ. කන්දකැටිය පොලිසිය කළ විශේෂ මෙහෙයුමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් හෙට (23) බදුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd