
(පද්මා කුමාරී කංකානම්ගේ)
පාලවිය කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කල්කුඩාව ප්‍රදේශයේ දී යතුරු පැදියක් ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් අද (21) රාත්‍රී සිදු වූ අනතුරකින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
යතුරු පැදිකරු කල්පිටිය දෙසට ගමන්කරමින් සිට ඇති අතර ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පොල් කොටන් පටවා ගත් ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ තලව්ල පදිංචි 48 හැවිරිදි වඩු කාර්මිකයෙකි.
සිද්ධිය සම්බන්ධයේ කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd