
(ඩී.ජී.සුගතපාල)
හෙරොයින් ළඟ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයකුගේ බිරිඳ සහ පුතා මාතර කොට්ඨාස දූෂණ මර්ධන අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම පැළැණ පදිංචි ගාල්ල පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන කොස්තාපල්වරයෙකුගේ 53 හැවිරිදි බිරිඳ සහ 21 හැවිරිදි පුතෙකි.
සැකකාර බිරිඳ සන්තකයේ තිබි හෙරොයින් මිලි ග්‍රෑම්1600ක් සහ මුදල් රුපියල් 16000ක්ද හෙරොයින් පැකට් කිරිමට ගන්නා කඩදාසි 20ක් ද සැකකාර පුතා සන්තකයේ තිබි හෙරොයින් මිලි ග්‍රෑම්1800ක් සහ හඳුනා නොගත් මත් කරල් 11ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය හා සැකකරු නඩු භාණ්ඩ ද සමඟ අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වැලිගම පොලිසියට බාරදි ඇති අතර අද (24) ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd