
(වියලුව නිශාන්ත කුමාර)
කන්දකැටිය පොලිස් වසමට අයත් මහකැලේ, දෙකේ කණුව කොටසේ පුද්ගලික කුඹුරු යායක නිධානයක් හාරමින් සිටි පුද්ගලයින් 11දෙනෙකු ඔවුන් සතුව තිබූ මල් බුලත් තට්ටු, පිරිත් නූල්, උදලු, අලවංගු ඇතුළු භාණ්ඩ තොගයක් ද සමග අද (25) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25ත් 40ත් අතර වයසේ පසුවන පුද්ගලයින් පිරිසකි.
අත්අඩංගුවට ගත් පිරිස් අතර රජයේ සේවකයෙකු ද වන බව පොලිසිය පවසයි .
පොලිසිය වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් පිරිස හෙට (25) දින බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. සිරිවර්ධන මහතාගේ උපදෙස් මත කන්දකැටිය පොලිස් නිලධාරිහු මෙම වැටලීම සිදුකළහ.
කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
755
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිධන් හෑරූ 11ක් අත්අඩංගුවට