
(වියලුව නිශාන්ත කුමාර)
කන්දකැටිය පොලිස් වසමට අයත් මහකැලේ, දෙකේ කණුව කොටසේ පුද්ගලික කුඹුරු යායක නිධානයක් හාරමින් සිටි පුද්ගලයින් 11දෙනෙකු ඔවුන් සතුව තිබූ මල් බුලත් තට්ටු, පිරිත් නූල්, උදලු, අලවංගු ඇතුළු භාණ්ඩ තොගයක් ද සමග අද (25) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25ත් 40ත් අතර වයසේ පසුවන පුද්ගලයින් පිරිසකි.
අත්අඩංගුවට ගත් පිරිස් අතර රජයේ සේවකයෙකු ද වන බව පොලිසිය පවසයි .
පොලිසිය වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් පිරිස හෙට (25) දින බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. සිරිවර්ධන මහතාගේ උපදෙස් මත කන්දකැටිය පොලිස් නිලධාරිහු මෙම වැටලීම සිදුකළහ.
කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd