
(දීපාල් ද සිල්වා)
ඇල්පිටිය මාහේන ගනේගොඩ ප්‍රදේශයේ දී අපරාධ කල්ලි සාමාජිකයෙකු ගිනිඅවි , පතොරම් සහ හමුදා ඇඳුම් තොගයක් සමඟ අද (21) ගනේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරියෙකු සඳහන් කළේය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇතිබව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
ගිනි අවි 2 ක් , ජීව අත්බෝම්බ 1ක් ,නො.12 උණ්ඩ 6 ක්, ටී56-උණ්ඩ 23 ක් කඩු 3 ක් සමඟ හමුදා නිල ඇදුම් කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජිකයා විමර්ශනය සඳහා ඇල්පිටිය පොලිසියට භාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd