IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


වනජීවියේ ඉඩමක පාරක් කැපුවයි අයෙක් අත්අඩංගුවට

(නයනජිව බන්ඩාර)

වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක මාර්ගයක් ඉදිකිරීමට ගිය බුත්තල පැල්වත්ත ලංකා සීනි පෞද්ගලික සමාගමේ කොන්ත්‍රාත් ආයතනයක සේවකයකු අද (23) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බුත්තල අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්ගය කැපීමට යොදාගත් ජේ.සි.බි යන්ත්‍රයක් ද අත්අඩංගුවට ගත් බව එම නිලධාරීහු සඳහන් කළහ.

පැල්වත්ත සීනි සමාගම විසින් බුත්තල ගෝනගංආර අයා කපොල්ලේ සිට ඹක්කමිපිටිය හැබැස්ස නයිපෙනආර ප්‍රදේශය දක්වා නිසි අවසරයක් නොමැතිව මාර්ගයක් ඉදිකරමින් පවතින බව අඩවි වන කාර්යාලයේ නිලධාරීහු පැවසූහ.

පැල්වත්ත ලංකා සිනි පෞද්ගලික සමාගම විසින් මොණරාගල දිස්ත්‍රික්කයේ අලුතින් උක්වගාකිරීමට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලැ ඉඩම් හෙක්ටයාර 2000 ක් ඉල්ලා ඇති අතර,එම ඉල්ලන ලද ඉඩම් වලින් කොටසක් යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 04 ට මායිම්ව ඇති ඹක්කමිපිටිය හැබැස්ස ප්‍රදේශයේ ඇති බව වන නිලධාරිහු කියති.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එම ඉඩම් නිදහස් කිරීමට මෙතෙක් තීන්දුවක් ගෙන නැති අවස්ථාවක සමාගම මෙම මාර්ගය නීතිවිරෝධීව ඉදිකරමින් ඇත්තේ බලහත්කාරයෙන් බව ඔවුහු චෝදනා කරති.

මෙම මාර්ගය අලුත් එකක් නොවන බවත් , වනඅලි කරදර  හේතුවෙන් ගම්වාසින්ගේ ඉල්ලීම මත මෙම මාර්ගය පිරිසකර කළ බවත් පැල්වත්ත සිනි සමාගමේ නිලධාරීහු සඳහන් කළහ.

මෙම මාර්ගය ඉදිකිරිමේදී එකදු ගසකට හෝ හානියක් සිදුනොකළ බවත් ඔවුහු කියති.

කෙසේ නමුත් පැල්වත්ත සමාගමේ නිලධාරීන් පිරිසක් මෙම ස්ථානයට පැල්වත්ත සිනි සමාගමේ ආරක්ෂක අංශ සේවකයන් කණ්ඩායමක ගිනිඅවිද සමඟ පැමිණ වන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ජේ.සි.බි යන්ත්‍රය හා එහි රියදුරු පොලිසියට රැගෙන යාමට විරෝධය දැක්වීමත් සමඟ දෙපාර්ශ්වය අතර උණුසුම් තත්වයක්ද හට ගැනුණි.

ගෝනගංආර පොලිසිය එම ස්ථානයට පැමිණ ජේ.සි.බි යන්ත්‍රය හා එහි රියදුරු අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන යාමට කටයුතු කළේය.

ගෝනගංආර පොලිසිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බුත්තල අඩවි වන කාර්යාලය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 



අදහස් (2)

වනජීවියේ ඉඩමක පාරක් කැපුවයි අයෙක් අත්අඩංගුවට

Don Thursday, 23 July 2020 06:14 PM

මෙම නීතිය කුරුණෑගල වැරදිකරුවන්ට අදාළ නොවන්නේ ඇයි? අපි ජීවත් වන්නේ නීති විරෝධී ලෝකයක !!

:       0       0

ලෝකයා Friday, 24 July 2020 01:59 AM

එතකොට ලෝක උරුමයක් වන සිංහරාජ වනය හරහා පාරවල් කැපීම කරන්නේ කෙසේද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site