
(හැටන් රංජිත් රාජපක්ෂ)
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (01) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතුකම්කරු කාන්තාවන් 14 දෙනෙකු දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බෝන් වතුයායේ ක්‍රෙවෙන්ටන් කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසක් මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.
තේ වත්තේ ගසක් මැද බැඳතිබූ බඔර කූඩුවක බඹරවදය කඩා ගැනීමට උකුස්සෙකු පහර දීම නිසා ඇවිස්සුණු බඹරුන් තමන්ට ප්‍රහාර එල්ල කළ බව තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවෝ පැවසූහ.
බඔර ප්‍රහාරයෙන් තුවාල ලැබූ වතුකම්කරු කාන්තාවන්ගේ තත්වය බරපතල නොවන බව දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd