
(එස්.ඩී.කොඩිකාර )
අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගයේ දෙනියාය අඩවිවන කාර්යාලය අසළ අද (30) වර්ෂාව හේතුවෙන් මාර්ගය හරහා ගසක් කඩා කඩා වැටී, වාහන ගමනාගමනය මුළුමනින්ම අඩාල වී එම ප්‍රදේශයට විදුලිය විසන්ධි වී ඇතැයි දෙනියාය පොලීසිය කියයි.
දියදාව රක්ෂිතයේ තිබූ ගසක් සුළඟට මාර්ගය හරහා කඩා වැටී ඇති අතර මේ හේතුවෙන් හෝරාවක පමණ කාලයක් වාහන ගමනාගමනය මුළුමනින්ම ඇණහිට තිබූණි.
ගස කඩා වැටීම හේතුවෙන් විදුලි රැහැන් පද්ධතියට සහ විදුලි කණු වලට ද දැඩි අලාභ හානි වී තිබූ අතර පසුව පොලිසිය කළ දැනුම්දීමක් මත විදුලිබල මණ්ඩලයේ සේවකයින් පැමිණ කඩා වැටුණු කණු සහ ගස ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ඉවත් කරන ආකාරය ද දක්නට ලැබුණි.
කෙසේ වෙතත් මේ හේතුවෙන් කිසිවකුට අනතුරක් සිදුවී නොමැති බව පොලිසිය පවසන අතර මේ හේතුවෙන් දැඩි වාහන තදබදයක් ද හටගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd