
(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව බන්‍ධනාගාරයේ තාප්පයට උඩින් ගංජා පැකට් විසිකිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු එම ගංජා තොගයද සමඟ අද (30) අත්අඩංගුවට ගත්බව පොලොන්නරුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලොන්නරුව,ඇතුමල්පිටිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.
මත්කුඩු චෝදනාවක් සම්බන්‍ධයෙන් බන්‍ධනාගාර ගතව සිටින රැඳවියෙකුට මෙසේ ගංජා ලබාදීමට උත්සාහ කළ බව සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.
දුම්කොළයක ඔතා බන්‍ධනාගාරයේ තාප්පයට උඩින් ගංජා පාර්සලය විසි කිරීමට සැකකරු උත්සාහ කරනු බන්‍ධනාගාර නිලධාරීන් විසින් දැක තිබෙන අතර ඒ අවස්ථාවේ සැකකරු අල්ලා පොලිසියට බාරදී තිබේ.
දුම්කොළය සමඟ මැදිකර තිබූ ගංජා තොගයේ ප්‍රමාණය මිලිග්‍රෑම් 1500ක් බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd