
(ක.ග.කරුණාරත්න)
අරලගංවිල අරුණපුර මාර්ගයේ කුඩාඔය පාලම අසලදී ගුවන් හමුදා ට්‍රක් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ අරලගංවිල,දිවුල්දමන,පදිංචි ජීමුණි බෙනඩික් ජයලත් නැමැති 47 හැවිරිදි අයෙකි.
ගුවන් හමුදා ට‍්‍රක් රථය මොරවැව ගුවන් හමුදා කඳවුරට අයත් එකක් බවත් එහි රියැදුරා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd