IMG-LOGO

හඳුනානොගත් රෝගයකින් මාතලේ තාක්කාලි වගා විනාශයට

( කාංචන කුමාර ආරියදාස)
හඳුනානොගත් රෝගයක් හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ  තක්කාලි වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී යාමේ අවදානමකට ලක්ව ඇතැයි තක්කාලි ගොවීහු පවසති.
 මාතලේ,ලග්ගල , දඹුල්ල,  ගලේවෙල,  නාඋල , සීගිරිය යන ගොවිජන සේවා බල ප්‍රදේශවල මේ දිනවල විශාල වශයෙන් තක්කාලි වගාව ආරම්භ  කර අස්වනු නෙලීමට ආසන්නව තිබියදී එක වරම මෙම රෝගය ව්‍යාප්ත වී වගාවන් විනාශ වෙමින් පවතින බව ගොවීහු වැඩිදුරටත් පෙන්වා දෙති.

පසුගිය දින කිහිපයේ පැවැති  වර්ෂාවත් සමඟ  දීන කිහිපයක් ගත වෙද්දී තක්කාලි ගස කළු පැහැ ගැන්වී මල් , පත්‍ර සහ තක්කාලි ගෙඩි පිළිස්සී යෑමේ තත්ත්වයක් මතුව ඇති බව ගොවීහූ කියති.
 
සීගිරිය,  දඹුල්ල, ගලේවෙල,  නවුල ආදී  ප්‍රදේශයන්හි  ගොවීන් කියාසිටියේ තක්කාලි අස්වැන්න නෙලීමට ආසන්න ව තිබියදී වර්ෂාව පතිත වීමත් සමඟ මෙම තත්ත්වය උදා වුවද මීට පෙර මෙවැනි රෝගයක් තක්කාලි වගාවේ දැක නොමැති බවයි.
 
සීගිරියේ  ඇතැම් තක්කාලි කොටු අස්වනු නෙලීම සම්පූර්ණයෙන්ම අතහැර දමා තිබෙන බවත් ඇතැම් තක්කාලි වගාවන් කුඩා අවධියේම මෙම හඳුනා නොගත් රෝගයට ගොදුරු වී ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.
 
විවිධ කෘමි නාශක  දියර පොහොර වර්ග සහ විවිධ බෙහෙත් වර්ග විශාල මුදලක් ලබා දී වගාවට යෙදුවද ඉන් කිසිදු පලක් නොවන බව ද තක්කාලි ගොවීන් කියා සිටිති.
 
කෘෂිකර්ම නිලධාරින් පැමිණ තම වගාවන් පරික්ෂා කළ බවත් එහෙත් එම නිලධාරීන්ට ද මෙම රෝගය හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව ඔවුහු පෙන්වා දෙති.
 තම අත කනකර බඩු උගසට තබා ඇතැම් ගොවීන් විශාල වශයෙන් බැංකුවලට ණයවී  වගාවන් ආරම්භ කළේ දහසක් බලාපොරොත්තු ඇතිව බවත් එහෙත් අවසානයේ දී තමන්ට ක්කාලි වගාවෙන් නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකිව විනාශ වී යාම සිදුවන නිසා ඒ පිළිබඳව සොයා බලා යම්කිසි සහනයක් ලබා දෙන්නැයි ඔවුහු කෘෂිකර්ම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
 
 


 



අදහස් (0)

හඳුනානොගත් රෝගයකින් මාතලේ තාක්කාලි වගා විනාශයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site