
(එච්.චන්දන සහ ඔගස්ටීන් ප්‍රනාන්දු )
වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව මහකුඹුක්කඩවල පොලීසිය කියයි.
අද 10 වැනිදා අලුයම ආණමඩුව - මහකුඹුක්කඩවල මාර්ගයේ කොහොඹගස්වැව ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇත.
මිය ගොස් ඇත්තේ කොහොඹගස්වැව පදිංචිකරුවෙකු වන සංජීව නම් අයෙකු බවට හදුනා ගෙන ඇත.
ඔහු තම යතුරු පැදියෙන් රැකියාව සදහා ගමන් කරමින් සිටින විට වන අලි ප්‍රහාරයට ලක්වී ඇති බව ගම්වාසීන් සඳහන් කරයි. වනඅලි ගම් වැදීම නිසා මහකුඹුක්කවල ප්‍රදේශයේ ජනතාව වසර කීපයක සිට දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටී. වන අලින් විසින් පහර දීම නිසා එම ප්‍රදේශයේදී පුද්ගලයින් හතර (04) දෙනෙකු මේ වන විට මිය ගොස් තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා... අහිංසක මිනිස්සුත් පව්, අහිංසක සත්තුත් පව්.!