
(මොහොමඩ් ආසික්)
මහනුවර අංකුඹුර පොලිස් බල ප්‍රදේශයට අයත් එගොඩමුල්ල මැදඇළ ප්‍රදේශයේ නිවසක මල් ගස් අතර වවා තිබූ ගංජා පැළ සමඟ සැකකරුවකු අද (18) අත්අඩංගුවට ගත් බව අංකුඹුර පොලිසිය කියයි.
අංකුඹුර පොලීසියේ බුද්ධි අංශ නිලධාරීන් ලද තොරතුරක් අනුව අංකුඹුර එගොඩමුල්ල මැදඇළ ප්‍රදේශයේ පිහිටි මෙම නිවස පොලිසිය විසින් පරීක්ෂා කරන ලදී.
නිවස වටා සිටුවන ලද දාස්පතියා මල් ගස් අතර ගංජා පැළ 14 ක් තිබී පොලිසිය සොයා ගෙන ඇත. ගංජා පැළ වගා කරන්නට ඇත්තේ ඒවා විකිණීමේ චේතනාවෙන් විය හැකි බව පොලිසිය කියයි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, අංකුඹුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ගුණදායි රටේ සම්පත් විනාශ කරලා ඉන්දියාවෙන් එන වස විස පොවන්න්කෝ එහෙනම්.
අපිනම් දැක්ක තැන පොලිසියට අල්ලලා දෙනවා.