IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ගාල්ලේ රැඳවුම් ළමා නිවාසයක ළමුන්ට නොසළකන බවට පැමිණිල්ලක්


(ඩී.ජී.සුගතපාල)
 
ගාල්ල කිතුලම්පිටිය රැඳවුම් ළමා නිවාසයේ රඳවා සිටින ළමයින්ගේ සුබ සාධන කටයුතු පාලකවරයා නිසි පරිදි සිදුනොකරන බවට ළමා නිවාසයේ සේවකයෙකු විසින් පැමිණිලි කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
 
ළමයින් පොල්ගස් නංවා ගෙඩි කඩවන බවත් තුවාලයක් හෝ වෙනත් අසනීපයක් වුවිට ප්‍රතිකාර ලබා නොදෙන බවත් පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන්වේ.
 
බන්ධනාගාර ගත කිරීමට නොහැකි බාල වයස්කාර පිරිමි ළමයින් 8දෙනෙකු  අධිකරණ නියෝග මත පරිවාස නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ දැනට මෙම රැඳුවම් ළමා නිවාසයේ රැඳවා  ඇත.
 
දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් මහේෂ් රාජිත කරුණානායක මහතාගෙන් විමසුවිට කියා සිටියේ රැඳවුම් නිවාසයේ පාලකවරයා සහ පැමිණිලිකාර සේවකයා අතර තිබෙන පුද්ගලික ගැටුමක් මත මෙම පැමිණිල්ල කර ඇති අතර එම සේවකයා සම්බන්ධයෙන් මේ වනවිට අමාත්‍යංශය මගින් විනය පරීක්ෂණයක් සිදුකරමින් පවතින බවය.



අදහස් (0)

ගාල්ලේ රැඳවුම් ළමා නිවාසයක ළමුන්ට නොසළකන බවට පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 739 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site