
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මරණ දඬුවම නියමව දස වසරක් තිස්සේ සැඟව සිටි පුද්ගලයෙක් බණ්ඩාරගම කිදෙල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්මිල්ල කිඳෙල්පිටිය කිතුලමුල්ල ගමගේ සමන් කුමාර නමැත්තෙකි .
අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඝාතනයට ලක්වූ දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ වම්බොට්ටාට නැමැත්තා ගේ සහෝදරයා බව පොලිසිය කියයි .
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරු නොමැතිව ඇඹිලිපිටිය අධිකරණය මගින් විභාග කළ නඩුවකින් අනතුරුව 2010 පෙබරවාරි මාසේ ලබා දුන් තීන්දුවක් අනුව සැකකරුට මරණීය දණ්ඩනය නියම වි තිබු බව පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd