IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පිළිකාකාරක ශරීර ආලේපන වර්ග රැසක් පුත්තලමේදි අත්අඩංගුවට

(හිරාන්  ප්‍රියංකර ජයසිංහ)
 
කිසිදු වගකීමක් නොමැති නිෂ්පාදිතයා හෝ බෙදාහරින්නා සඳහන් නොකළ පිළිකා කාරක සහිත මුහුණු හා සම අලේපන ඇසුරුම් දහසකට ආසන්න ප්‍රමාණයක් පුත්තලම නගරයේ  කාන්තා රුපලාවන්‍ය දෑ අලෙවි කරන ස්ථාන වටලා අද(19) අත්අඩංගුවට ගත් බව පුත්තලම  පාරිභෝගික අධිකාරිය කියයි.
 
පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරින්  පුත්තලම නගරයේ කාන්තා රූපලාවන්‍ය දෑ අලෙවි කරන ස්ථාන 14 ක් වටලා පිළිකාකාරක අලේපන ද්‍රව්‍ය අඩංගු රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා මෙම අලේපන තොගය අත්අඩංගුවට ගෙන තිබුණි.
 
අදාළ අලේපන තොගය ශ්‍රී ලංකාවට ගෙන්වීමේදි කිසිදු ලෙසකින් එහි නිෂ්පාදකයා හෝ බෙදාහරින්නා සඳහන් කර නොතිබූ බවත් ඒවා පාකිස්ථානය, ඉන්දියාව ඇතුළු රටවලින් ගෙන්වා ඇති බවඑත් පාරිභෝගික අධිකාරිය කියයි.
 
2018 මැයි 3 වන දින නිකුත් කළ,  අංක 2069/ 37 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත මගින් සමෙහි අලේපනය කරනු ලබන දියර හා ක්‍රීම් වර්ග පිළිබදව අදළෙ විධානයකින් දන්වා තිබේ.
 
එම විධානය 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනතේ 12 (2) වගන්තිය අනුව පැවරි ඇති බලතල ප්‍රකාරව, සමේහි අලේපනය කරනු ලබන සියලුම ක්‍රීම් වර්ග හා දියර වර්ග ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතිර 743 මගින් නිශ්චිත ISO / TR 17276 ප්‍රකාරව විශ්ලේෂණය කිරීමේදි, එම සමේහි ආලේපනය කරනු ලබන දියර හා ක්‍රීම් වර්ගවල අඩංගු උපරිම සීමාවන්ට අනුකුල වන්නේ නම් මිස එවැනි ක්‍රීම් හා දියර වර්ග නිෂ්පාදනය, ආනයනය, බෙදාහැරීම, ඇසුරුම් කිරීම, ගබඩා කිරීම හෝ තොග හා සිල්ලර වශයෙන් විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ නොකළ යුතු බවට සියලු ම නිෂ්පාදකයින්, ආනයන කරුවන් හා බෙදාහරින්නන් හා වෙළෙන්දන් වෙත අදාල විධානය ලබා දී තිබේ.
 
ඒ සමගම මෙම  ආලේපන තුළ කිලෝ එකකට ඊයම් මිලි ග්‍රෑම් 10ක්, ආසනික් මිලිග්‍රෑම් 3ක් , රසදිය මිලි ග්‍රෑම් 1 ක් , කැඩ්නියම් මිලි ග්‍රෑම් 3 ක් ලෙසද සඳහන් කර තිබේ.
 
පුත්තලම පාරිභෝගික අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි ඊ.යු. රංජන මහතා පවසා සිටියේ මෙම අලේපන අදාළ ගැසට් නිවේදනයේ සියල්ල උල්ලංඝණය කරමින් අලෙවි කරමින් තිබු බවය. අදාල සැකකරුවන් හා අලේපන ද්‍රව්‍ය පිළිබදව පුත්තලම අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව නඩු පැවරීමට කටයුතු කරන බවද කියයි.

“ දිගින් දිගටම කාන්තාවන් මෙම පිළිකා කාරක සහිත අලේපන ද්‍රව්‍ය භාවිතා කිරීම තම ජීවිතය වනසා ගැනීමකට සමාන බවයි.”

මේ නිසාම නියමිත ප්‍රමිත තොරතුරු නොමැති අලේපන භාවිතා කිරීමෙන් වැළකෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය .  



අදහස් (0)

පිළිකාකාරක ශරීර ආලේපන වර්ග රැසක් පුත්තලමේදි අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 739 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site