
(රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඹුල්පේ නාලක ජේ. හෙටිටිආරචිචි)
පුද්ගලයෙකුට පිහියකින් ඇන බරපතල තුවාල සිදුකළ පුද්ගලයෙකු මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඒ.එම්.එස්. මැණිකේ මහත්මිය අද (15) සවස නියෝග කළාය.
පින්නවල ඇටවක්වෙල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකුට මොහු විසින් පිහියකින් ඇන බරපතල තුවාල සිදු කර ඇති අතර ඔහු බලන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. සැකකරු පින්නවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.පී. අමරතුංග මහතා විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.