(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
දෙහිවල සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර මාර්ගයේදී පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ බව වැල්ලවත්ත පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවත්තේ පදිංචි යටවරගේ ඇක්මන් නම් 57 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (15) මීට ස්වල්ප මොහොතකට පෙර, කළුබෝවිල හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු විපුල නරසිංහ මහතා විසින් කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අධිකරණයේදී සිදුකෙරිණි .
දුම්රිය රියදුරු ගෙන්වා ප්‍රකාශයක් ලබාගන්නා තෙක්, මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබාදීමට හදිසි මරණ පරීක්ෂකවරයා පියවර ගත්තේය .
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
දුම්රියේ ගැටී අයෙක් මරුට