(රේඛා තරංගනී ෆොන්සේකා සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අලුත්ගම සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගමන් ගනිමින් සිටි මගී කාන්තාවකට පිහියක් පෙන්වා අත්බෑගය උදුරාගෙන ධාවනය වන දුම්රියෙන් පැනගිය සැකකරුවෙකු මහජන සහාය ද ඇතිව අද (23) මොරටුව එගොඩඋයන දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගත්බව පොලීසිය පැවසීය.
අත්බෑගය රැගෙන පැනයන සැකකරු පසුපසින් කාන්තාවද දුම්රියෙන් පැන ඇති බව සඳහන් කරන පොලිසිය තුවාල ලැබූ ඇය පානදුර මූලික රෝහලට යොමුකළ බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට පත් සැකකරු පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සඳහන් කළ පොලිසිය ගෙවල් කුලිය ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අත්බෑගය පැහැරගත් බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදි ඔහු අනාවරණය කළ බව පොලිසිය පැවසීය.
සැකකරු දෙදරු පියෙකු බව පවසන පොලීසිය ඔහු පිළිබඳව පරීක්ෂණ අරම්භ කර ඇති බවද පැවසීය.
සිද්ධි සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මොරටුව එගොඩඋයන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනිල් මාසකෝරාල මහතාගේ අධීක්ෂණයෙන් පවත්වති.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
තරුණියකගේ මුදල් පසුම්බිය කොල්ල කෑ අයෙකු අත්අඩංගුවට