IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


හුලුගග පාලම අසල ගිලා බැසීමක්


(තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි)

පන්විල- බඹරැල්ල මාර්ගයේ පිහිටි හුලුගග පාලම අසල කොටසක් ගිලා  බැසීමට ලක්වීම හේතුවෙන් පාලම මතින් රථ වාහන ගමනාගමනය මේ වනවිට සම්පූර්ණයෙන්ම නවතා දමා තිබේ.

වත්තේගම හරහා නකල්ස් සංචාරක කලාපයේ සංචාරයේ යෙදෙන  සංචාරක පිරිස්  මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස නකල්ස් අපි සංවිධානයේ පරිසරවේදී සමින්ද විදානගේ මහතා ඉල්ලා සිටියි.

මෙම මාර්ගය වසා දැමීම නිසා හුලුගග නගරය, කොස්ගම, බැද්දේගම, ගොමරය, තවලන්තැන්න, බඹරැල්ල ආදී ගම්මානවල ජනතාවගේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩපන වී ඔවුන් දැඩි දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව සිටින බවත්, එම ප්‍රදේශවල ජනතාවගේ තේ දළු ප්‍රවාහනය කිරීම ඇතුළු අනෙකුත් දෛනික කටයුතුවලට මේ හේතුවෙන්  ගැටළු මතුව ඇති බවත් පන්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදන්ත ලියනගේ මහතා පැවැසීය.

හුලුගග හරහා ඉදිකර ඇති මෙම පාලම සුදු අධිරාජ්‍යවාදී යුගයේ සකස්  කරන ලද ඉතාමත් පැරණි පාලමක් බවත්, එය අබලන්ව පැවැතීම නිසා වෙනත් පාලමක් එම පාලමට යාබදව මේ දිනවල ඉදිකරමින් යන බවත් ඒ මහතා කීය.
 



අදහස් (0)

හුලුගග පාලම අසල ගිලා බැසීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 739 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site