
(සනත් ගමගේ)
හම්බන්තොට සොමිසෙතගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගිනි අවි දෙකක් හා ජීව පතුරොම් 13 ක් සමඟ ගෙහිමියා අද(23) අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලද බුද්ධි තොරතුරක් මත කළ වැටලීමක දී මෙම ගිනි අවි සමඟ සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
ගිනි අවි දෙක බෝර 12 සහ 16 පතුරොම් යෙදිය හැකි ගිනි අවි වන අතර තවත් ගිනි අවියක කොටස් ද හමුවී ඇති බව පොලිසිය කියයි.
ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරු හම්බන්තොට මූලස්ථාන පොලීසියට බාර දී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd