
(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් සභාවේ නව ලේකම්වරයා ලෙස ආර්.එම්.ප්‍රේමසිරි රත්නායක මහතා අද (21) උතුරු මැද පළාත් සභා සංකීර්ණයේයේදී සිය ධූරයේ වැඩ බාරගත්තේය.
මෙතෙක් එම ධූරය දැරූ එච්.එම්.තිලක බණ්ඩාර මහතා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ එම තනතුරට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් ප්‍රේමසිරි රත්නායක මහතා පත් කොට තිබේ.
ඔහු මීට පෙර උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම්වරයා ලෙස සේවයේ නිරතව සිටියේය.
1992 වසරේදී විගණන පරීක්ෂක ලෙස රාජ්‍ය සේවයට එක් වූ ප්‍රේමසිරි රත්නායක මහතා 1994 දී රජයේ ගණකාධිකාරී සේවයට එක් වූ අතර 1998 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර ලේකම් ධූරයට පත් ඒ මහතා සහකාර ප්‍රාදේශීය ලේකම් , ප්‍රාදේශීය ලේකම් , රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වැනි ධූර රාශියක් දරා ඇති අත්දැකීම් බහුල රාජ්‍ය නිලධාරියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd