IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇළ මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම පිටිපන දකුණ ප්‍රසන්නපුර ප්‍රජාශාලාවේ වසර හයක පමණ කාලයක සිට වාසය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇළ මාර්ගයක් අසල තිබී අද (21) සොයාගත් බව හෝමාගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ  සුද සිංහගේ ප්‍රේමසිරි නැමැති 65 හැවිරිදි අවිවාහක අයෙකු බව පොලිසිය කියයි

ප්‍රසන්නපුර ප්‍රදේශයේ වෙල්යායක ගොයම් කපමින් සිටි පුද්ගලයෙකු ඇළ මාර්ගයක් අසල වැටී මියගොස් සිටි මෙම  පුද්ගලයාගේ මළ සිරුර දැක ඇති බව පොලිසිය පැවසීය.

පසුව මේ බව ගොයම් කපමින් සිටි අනෙක් පිරිසට ද දන්වා පොලිසිය දැනුවත් කර තිබේ.

පසුව එම ස්ථානයට පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී වෙල්යායේ  ඇළ මාර්ගය අසල  මුනින් අතට වැටී මියගොස් සිටි පුද්ගලයාගේ මළ සිරුර සොයා ගත්බව පොලිසිය කීය.

හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු බී.එව්.කේ.චින්තක උදයකුමාර මහතා මළ සිරුර තිබූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය.

මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ  හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු  චින්තක උදය කුමාර මහතා විසින් හෝමාගම මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී සිදුකිරීමට නියමිතය.

මෙම පුද්ගලයාගේ මරණය ඝාතනයක් ද නැතහොත් සාමාන්‍ය මරණයක් ද යන්න පිළිබඳව සොයා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කළේය.



අදහස් (0)

ඇළ මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 738 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site