IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


දැරියක අපයෝජනය කළ අයෙකුට වසර 5කට පසු සිරදඬුවම්

(දිලීප් ජයසේකර)
 
වසර පහකට පෙර සුරියවැව බෝගහඉදිවැවදි බාලවයස්කාර දැරියක අපයෝජනය කර ගැබිනියක කළැයි වරද පිළිගත් අයෙකුට වසර 15ක සිරදඬුවමක්, රුපියල් 2000ක දඩ මුදලක් හා වින්දිත දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඒ.එන්.ජයකි ද අල්විස් මහත්මිය අද (24) නියෝග කළාය.
 
මෙලෙස සිර දඬුවම්, දඩ හා වන්දි නියම වූයේ සූරියවැව බෝගහඉදිවැව පදිංචි 31 හැවිරිදි එක් දරු පියෙකුටය.
 
සැකකරු 2015.11.01 හා 2016.01.07 අතර කාලය තුළදි සැකකරුගේ ඥාතිවරයෙකුගේ බාලවයස්කාර දියණියක බලහත්කාරයෙන් අපයෝජනය කර තිබූ බව අනාවරණය වී තිබේ. බාලවයස්කාර දැරිය රෝගී තත්වයකින් පසුවන්නියක් වන අතර ප්‍රතිකාර සඳහා ඇය කරාපිටිය රෝහලට ගිය අවස්ථාවේ වෛද්‍යවරුන් දැරිය ගැබ්ගෙන ඇති බව දන්වා තිබේ. ඒ අනුව දැරියගේ මව හා පියා සූරියවැව පොලිසියට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. දැරිය පොලිසියට කට උත්තරයක් දෙමින් පවසා ඇත්තේ ඒ අසළ පිහිටි ඥාති නිවසකට මිදුල අතුගෑම සඳහා ඉදලක් ඉල්ලා ගැනීමට ගිය අවස්ථාවේ සැකකරු ඇයව අපයෝජනය කළ බවයි.
 
දැරියගේ ප්‍රකාශ අනුව සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කෙරුණු අතර එහිදී සැකකරු නීතීඥයෙකු මාර්ගයෙන් සුරියවැව පොලිසියට බාර වී තිබේ. පසුව පොලිසිය විසින් සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී පැවති මුලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව 2019.08.08 දින හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙරුණි. ඒ අනුව පැවති නඩු විභාගයේදී සැකකරු අධිකරණය ඉදිරියේ සිය වරද පිළිගත්තේය.
 
චෝදනාව සඳහා වැරදිකරු වු චුදිතයාට වසර 15 ක සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය විසින් එය වසර 20ක කාලයක් සඳහා අත්හිටවන ලදි. මීට අමතරව රුපියල් 2000ක දඩ මුදලක්ද නියම කළ අතර එය නොගෙවන්නේ නම් ඇය වසරක බර වැඩ සහිත සිරදඬුවමක්ද නියම කළාය. මීට අමතරව වින්දිත දැරිය හා ඇයගේ දරුවා සඳහා රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළ අතර එය නොගෙවන්නේ නම් තවත් වසර 05ක බරවැඩ සහිත සිර දඩුවමක්ද නියම කළාය. චූදිත තැනැත්තා ලබා දුන් වන්දි මුදලින් රුපියල් ලක්ෂ 7ක මුදලක් වින්දිත දැරියගේ දරුවාගේ නමින් ගිණුමක තැන්පත් කරන ලෙස නියෝග කළාය. 

චූදිතයා හේතුවෙන් වින්දිත දැරියට උපන්, අන්ධ භාවයෙන් පෙළෙන කුඩා දරුවාට වයස අවුරුදු 18ක් වන තෙක් මාසයකට රුපියල් 5000 බැගින් මාසික දිමනාවක් ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරුවරිය චුදිතට නියම කළාය. චුදිත තැනැත්තා ලක්ෂ 10ක වන්දි මුදලින් අද(24) අධිකරණයේදී වින්දිත දැරියට රුපියල් ලක්ෂ 8ක මුදලක් ගෙවූ අතර ඉතිරි ලක්ෂ 2ක මුදල නොවැම්බර් 24 දින ගෙවන ලෙස නියෝග කළාය. නීතිපතිවරයා  වෙනුවෙන් රජයේ අධිනීතීඥ ගෙවිදු සෙනෙවිරත්න මහතා පෙනී සියේය.



අදහස් (0)

දැරියක අපයෝජනය කළ අයෙකුට වසර 5කට පසු සිරදඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site