
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අවි ගබඩාවක් පවත්වාගෙන ගිය මීරිගම ගරාජයේ තිබී අද (21) විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බයක් සොයාගත් බව මීරිගම පොලිසිය පැවසීය.
පසුගිය 19 වැනිදා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය සිදුකළ වැටලීමකදී මීරිගම නගරයට නුදුරු ගරාජයක තිබී රිවෝල්වරයක් , මෙරට සෑදූ රිවෝල්වර දෙකක් , අත් විලංගු , පොලිස් හමුදා නිල ඇඳුම් සමඟ විවිධ වර්ග වලට අයත් පතරොම් හා උණ්ඩ 100 ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබීය.
එම අවස්ථාවේදී පොලිස් බාරයට ගනු ලැබූ සැකකරු අධිකරණ නියෝග මත රඳවා තබාගෙන පරීක්ෂණ පවත්වන මිරිගම පොලිසිය අද (21) පොලිස් නිල සුනඛයින් යොදවා සැකකරුගේ නිවස හා ගරාජය සෝදිසියට ලක් කළ අවස්ථාවේ මෙම බෝම්බය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මීරිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd