
(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය පලෙයි පොලිස් බලප්‍රදේශයේ, කෝවිල් වයල් ප්‍රදේශයේ නැවත පදිංචි වැසියෙකු සිය ඉඩම එළිපෙහෙළි කරන අවස්ථාවේදී ආර්.පී.ජී. උණ්ඩයක් හමු වී ඇති බව පලෙයි පොලීසිය පවසයි.
පොළව යට තිබූ එම ආර්.පී.ජී. බෝම්බය දැක එම තැනැත්තා ඒ බව පොලීසියට දනුම් දී ඇත. අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් හා යුද හමුදා සෙබළුන් විසින් ආර්.පී.ජී. උණ්ඩය රැගෙන යාමට පියවර ගන්නා ලදී.
යුද සමයේදී කොටි සංවිධානය විසින් එම ආර්.පී.ජී. උණ්ඩය වළ දමන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
අධිකරණ නියෝගයකට අනුව එම ආර්.පී.ජී.උණ්ඩය නිෂ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බවද පලෙයි පොලීසිය වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd