
(ක.ග කරුණාරත්න)
හබරණ ආසිරිගම රජයේ රක්‍ෂිත කැලෑවෙන් නීති විරෝධි ලෙස කපා රැගෙනවිත් තිබූ තේක්ක දැව තොගයක් සමඟ සැකකරුවෙකු අද (21) හබරණ , පලුගස්වැව ආසිරිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව හබරණ පොලීසිය කියයි.
ආසිරිගම රජයේ රක්‍ෂිත වනාන්තරයෙන් වටිනා දැව වර්ග නීති විරෝධී ලෙස කපා විකිණීමේ ජාවාරමක් රහසිගතව සිදු කරන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
අත්අඩංගුවට ගනු ලැබූ දැව තොගයේ වටිනාකම තක්සේරුකර ඒ පිළිබඳ වාර්තාවක් රාජ්‍ය දැව සංස්ථාව වෙතින් ලබාගැනීමට නියමිත බවද පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd