IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


මත්තේගොඩ කසළ අංගනයක් ඉදිකරනවාට විරෝධයක්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මත්තේගොඩ නිවාස සංකීර්ණය පිහිටි භූමියේ කසල අංගනයක් ඉදිකිරීමට හෝමාගම ප්‍රාදේශීය සභාව ගෙන ඇති තීරණයට එරෙහිව ප්‍රදේශයේ ජනතාව මත්තේගොඩ නගර මධ්‍යයේදී  අද(23)  විරෝධතාවක් පැවැත්වූහ.

විරෝධතා පුවරු රැගත් පිරිස මත්තේගොඩ සුපිරි වෙළඳ සංකීර්ණය ඉදිරිපිටට පැමිණ පැයක පමණ කාලයක්  විරෝධතාවේ නිරත වී පසුව කසළ අංගනය  ඉදිකිරීමට යොජිත භූමියට ගොස් එහිදීද බලධාරීන්ට එරෙහිව විරෝධතාව පළ කළහ.

මේ පිළිබදව දැනුවත් කරමින්, ජනාධිපතිවරයාට, බන්දුල ගුණවර්ධන ඇමතිවරයාට,  ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා ජනතා පෙත්සමකට ද අත්සන් තැබිණි.

මේ පිළිබඳව හෝමාගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අසංක ශ්‍රීනාත් මහතා මෙසේ පැවසීය.

''මත්තේගොඩ නිවාස සංකීර්ණ භූමියේ කසල අංගණයක් ඉදිකිරීමට හෝමාගම ප්‍රාදේශීය සභාව ගෙන ඇති තීරණයට එරෙහිව අද ප්‍රදේශයේ ජනතාව මෙම විරෝධතාවය සංවිධානය කර තිබෙනවා. වර්තමාන රජය පත්වී මාසයක් ගතවන්නටත් පෙර  ජනතාව මෙසේ විරෝධතාවය පළකිරීම රජයට ලොකු අප්‍රසාදයක්. ඒ නිසා කසළ  බැහැර කරන ස්ථානයක් මෙහි  ඉදිකිරීමට   තීරණය කළ  බලධාරීන්ට අපි කියා සිටින්නේ වහාම මේ සැලසුම හකුලා ගන්නා ලෙසයි. එසේ නොවුණහොත් මෙය නවතා දැමීමට දිවි හිමියෙන් කැප වී ක්‍රියාකරන බව මෙහිදී කියා සිටිනවා.

මේ පිළිබඳව  හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසීය.

''හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ එකතු වන නොදිරන කසල බැහැර කිරීම සඳහා සම්පත් මධ්‍යස්ථාන 10 ඉදිකිරීමට සභාව පියවර ගෙන තිබෙනවා. ග්‍රාම සේවා වසම් 10 සඳහා  එක් මධ්‍යස්ථානය බැගින් ඉදිකිරීමටයි සැලසුම් කර තියෙන්නේ. ඒ සදහා මිලියන 4 පළාත් සභාවෙන් ලැබෙනවා.මේ ස්ථානවලට බැහැර කෙරෙන්නෙ දිරන කසල නොවෙයි, නොදිරන කසල පමණයි. ඒවා පසුව කම්කරුවන් යොදවා වෙන්කොට, කසල අලෙවි කර හැකි ලෙස සකසා ගන්නවා. 

පසුව මේවා  අලෙවි කිරීමට පියවර ගන්නවා. මේ තුළින් අපිට  විශාල ආදායමක් උපයා ගැනීමට පුළුවන්. මෙවන් ස්ථානයක් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පුස්තකාලය අතර භූමියක ද දැනට  පවත්වාගෙන යනවා. ඉන් කිසිදු පරිසර හානියක් හෝ ජනතා චෝදනාවක් ලැබී නැහැ. මේ කෙරෙන්නේ සම්පත් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම මිස කසල බැහැර කරන ස්ථානයක් ආරම්භ කිරීම නොවේ. මේ පිළිබඳව ජනතාව කරුණු හරිහැටි අවබෝධ කරගෙන නැහැ. ඒ නිසා මේ පිළිබඳව  ප්‍රදේශවාසීන් කැඳවා  දැනුවත් කර ඉන්පසුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා''  සභාපතිවරයා වැඩිදුරටත් කීය.



අදහස් (0)

මත්තේගොඩ කසළ අංගනයක් ඉදිකරනවාට විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site