(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
මහනුවර දොඩම්වල ඓතිහාසික ශ්‍රී නාථ මහා දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ලෙස පල්ලේපොල අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ වෝල්ටර් පරහිටියාවතැන්නේ මහතා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් පත් කර තිබේ.
මහනුවර දොඩම්වල ඓතිහාසික ශ්‍රි නාථ මහා දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ වසන්ත යාපාබණ්ඩාර මහතා මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කිරීම හේතුවෙන් ඇතිවු පුරප්පාඩුවට තැන්නේ මහතා මෙසේ පත් කර ඇත.
වොල්ටර් පරහිටියාවතැන්නේ මහතා වසර 20ක් පමණ අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කරන අතර මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ පාලක මණ්ඩලයේ සභාපති ලෙසද, මාතලේ විරුවන් සිහිකිරිමේ සංවිධානයේ ලේකම් වශයෙන්ද, වීර මොණරවිල කැප්පෙටිපොල පදනමේ සභාපති ලෙසද කටයුතු කරමින් මාතලේ මෙන්ම මහනුවර ප්‍රදේශයේද ආගමික, ශාසනික, සමාජීය කටයුතුවල නිරත වන අයෙකි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
නාථ මහා දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයෙක්