(*** කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන නගරයේ රාජ්‍ය බැංකුවක් අසලදී අද ( 29 ) ව්‍යාජ මැණික් ගල් තුනක් ලබාදී කතකගේ පවුම් 1 1/4ක රන්මාලයක් වංචනිකව රැගෙනගොස් ඇති තරුණියක් සොයා විමර්ශන ආරම්භ කර ඇතිබව කලවාන පොලීසිය පවසයි.
කලවාන සතිපොළ පැවැත්වෙන අද (29) දිනයේ විශාල ජනකායක් නගරයේ ගැවසෙන අතර සතිපොළ වෙත පැමිණි කලවාන පිඹුර ප්‍රදේශයේ පදිංචි 61 හැවැරිදි කාන්තාවකගේ රන්මාලයක් ව්‍යාජ මැණික් ගල් පෙන්වා මෙලෙස වංචාකර රැගෙන ගොස් ඇතිබව කලවාන පොලිසිය කියයි. වයස අවුරුදු 30 ක පමණ තරුණියක් පැමිණ මැණික් ගල් පෙන්වා පෙරත්ත කරමින් මැණික් ගල් ලබාගන්නා ලෙස ඉල්ලා සිටි බවත්, පසුව මුදල් නොමැති බව ප්‍රකාශ කළ පසු රන්මාලයට මැණික් ගල් හුවමාරු කිරීමට එකඟ වූ පසු තමන් රන්මාලය ගලවා ඇය වෙත ලබාදුන් බවත් පසුව ඇය පිළිබඳව සැක සිතී මැණික් ගල් පරීක්ෂා කර බැලීමේදී ඒවා ව්‍යාජ ඒවා බව දැනගත් පසුව පොලීසිය දැනුවත් කර ඇතිබව කලවාන පොලිසිය කියයි. රන්මාලය පවුම් 1 1/4ක පමණ බවත් එහි පෙර වටිනාකම රුපියල් 45,000 ක් පමණ වන බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ.සී.එස් දයාවංශ මහතාගේ මෙහෙයවීම මත සැකකාරිය අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ව්‍යාජ මැණික් ගල්වලට රන්මාලයක් වංචනිකව රැගෙනයයි