(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැනඩා රැකියා සඳහා වීසා ලබා දෙන බව අන්තර්ජාලයේ දැන්වීම් පළ කර සංවිධානාත්මකව මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීමේ යෙදුණු අඹු සැමි යුවළක් ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
රුපියල් ලක්ෂ 50 ක මුදලක් වංචා කරමින් මුදල් විශුද්ධිකරණය කිරීමක් සම්බන්ධව එම දෙපාර්තමේන්තුවට ලද පැමිණිලි තුනක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශනය අංශය මගින් කරන ලද විමර්ශනයක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.
වෙබ් අඩවියක පළ කළ දැන්වීම් මගින් අවම ලේඛන සංඛ්‍යාවක් සහිතව කැනඩාවට යාම සඳහා වීසා ලබාදෙන බවට සඳහන් කරමින් එම දැන්වීම් සඳහා ප්‍රතිචාර දක්වන පුද්ගලයින්ට ඔවුන්ගේ නමින් බැංකු ගිණුමක් විවෘත කර ඒ මුදල් තැන්පත් කර වත්කම් පෙන්වන ලෙසත් එම වීසා ලබාගැනීම සඳහා ඉල්ලුම්කරුගේ පෞද්ගලික දත්ත විස්තර සමඟ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් ,උප්පැන්න සහතිකයේ පිටපතක් පමණක් අවශ්‍ය බව දන්වා එම විස්තර වට්ස්ඇප් ඔස්සේ යොමු කරන ලෙසටත් ජංගම දුරකථන අංකය ද ඉල්ලුම්කරුගේ නමට තිබිය යුතු බවට වැඩිදුරටත් සඳහන් කරමින් මෙම මුදල් වංචාව සංවිධානාත්මකව සිදු කර ඇති බව සිදුකළ විමර්ශන වලදී අනාවරණ වූ බව පොලීසිය පැවසීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කැනඩාවේ රැකියා දෙනවැයි මුදල් වංචා කරලා