
(රංජිත් රාජපක්ෂ)
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන විද්‍යාලයක විදුහල්පතිවරයා මාරු කරන ලෙස බලකරමින් එම පාසලේ සිසු සිසුවියන්ගේ මව්පියවරු පිරිසක් අද (25) පාසල ඉදිරිපිට විරෝධතාවයක නියැලුණහ.
එම විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරයා වසර 6 පමණ කාලයක සිට එම ධූරයේ කටයුතු කරන බවත්, ඔහුගේ අවිධිමත් පරිපාලනය නිසා පාසලේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන මට්ටම පහත වැටී ඇති බවත්, ඔහුගේ සේවා කාලය තුළ පාසලේ කිසිදු සංවර්ධන කටයුත්තක් නොවී ඇති බවත් මව්පියවරු චෝදනා කළහ.
එම පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට ඉකුත් 20 දින විදුහල්පතිවරයා අමානුෂික ලෙස පහර දී තුවාල කර ඇති බවත්, තුවාල වූ පාසල් සිසුවා දින කිහිපයක් වටවල සහ නාවලපිටිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු බවත් මව්පියවරු සඳහන් කළහ.
විරෝධතාවය පැවති ස්ථානයට පැමිණි වටවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල විරාජ් විතානගේ මහතා දෙමව්පියන් සමග සාකච්ඡා කළේය. විදුහල්පතිවරයා මාරු කිරීමට අවශ්‍ය නම් ඒබව ලිඛිතව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙත ඉල්ලීමක් කරන ලෙස පැවසීමෙන් අනතුරුව විරෝධතාකරුවෝ පාසල් භුමියෙන් පිටව ගියහ.
පාසල් සිසුවාට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පතිවරයා වටවල පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන, හැටන් මහේස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. පසුව විදුහල්පතිවරයා ඇප මත මුදා හැර ඇත.
සිසුන්ගේ මව්පියවරු වතු කම්කරුවන් වන අතර, ඔවුහු අද වැඩ වර්ජනයක ද නියැලෙමින් විරෝධතාවට සහභාගීවූහ.


2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හැටන් පාසලක විදුහල්පති මාරුකරන්නැයි මව්පියවරු විරෝධයේ