
(එස්. ඩි .කොඩිකාර )
එකම දින වෙළඳසැල් 09 ක් සහ නීතිඥ කාර්යාල 03 ක් කොල්ල කා පලාගිය සැකකරුවෙකු අද (27) අත්අඩංගුවට ගත්බව කොස්මෝදර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි ළිඳගාවහේන කොස්මෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් , මුදල් රුපියල් 25,800 ක් , ජංගම දුරකථන පෙරගෙවුම් කාඩ්පත් තොගයක් සහ ගෙවල් බිඳීම සඳහා යොදා ගන්නා උපකරණ කට්ටලයක් සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
සැකකරු කොස්මෝදර කූඩලුදෙනිය , ගල්දොල ,වරල්ල , ආදී ප්‍රදේශ වල වෙළඳසැල් 09 ක ඉබි යතුරු කඩා ඒවායේ තිබූ මුදල් සහ ජංගම දුරකථන පෙරගෙවුම් කාඩ්පත් සොරකම් කර ගල්දොල උසාවි සංකීර්ණයේ නීතීඥ කාර්යාල තුනක් කඩා ඒවායේ තිබූ ලිපිගොනු ද ඇද දමා පලා ගොස් ඇති බවද මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට අද (27) ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.