
(දිලීප් ජයසේකර)
හම්බෙගමුව අන්නාසිගල වැව් රක්ෂිතයේ සිදුකළ විශේෂ වැටලීමකදී එහි පවත්වාගෙන ගිය ගංජා හේන් තුනක් සොයා ගැනීමට සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහූ අද (25) සමත්වූහ.
සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් හම්බෙගමුව කැලෑ රක්ෂිතය තුළ සිදුවෙන අනවසර වැලි ජාවාරම්,සතුන් දඩම් කිරීම් ,දැව ජාවාරම් හා ගංජා වගාවන් සොයා සිදුකළ මෙහෙයුම් වලදී මෙම ගංජා හේන් තුන සොයාගෙන තිබේ.
අක්කර භාගය බැගින් ස්ථාන 3ක වගා කර තිබූ ගංජා හේන් තුනක් මෙලෙස පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත.
ගංජා හේන් තුනෙහි තිබූ අඩි 5,8 හා 10 ප්‍රමාණයේ උසට වැඩී තිබූ ගංජා ගස් ගලවා ගිනි තබා විනාශ කර තිබේ. දිගින් දිගටම හම්බෙගමුව රක්ෂිතය තුළ මෙලෙස සිදුවන ජාවාරම් සොයා වැටලීම් සිදුකරන බව වැටලීම් නිළධාරයෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd