
(ඡායාරූප - සිරිනිහාල් ගමගේ)
(රවී ලියනගේ)
ගාල්ල නාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි, ගංජා ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකුට උදෑසන ආහාර සමඟ කේරළ ගංජා කැබැල්ලක් රැගෙන ගිය ඔහුගේ මව අද(28) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කේරළ ගංජා ග්‍රෑම් 524ක්, කඩු 2ක්, ටී -56 ජීව උණ්ඩ 2ක් සහ ටී -56 හිස් පතුරම් කොපු 4ක් සමග ගාල්ල මාපලගම ප්‍රදේශයේදී සැකකරු නාගොඩ පොලිසිය විසින් ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබිණි.
අද උදෑසන සිය පුතා බැලීමට මව පැමිණ සිටි අතර, ඇය ගෙනා ආහාර පෙට්ටිය කාන්තා කොස්තාපල්වරියක විසින් පරීක්ෂා කිරීමේ දී එහි තිබී ගංජා සොයාගෙන තිබුණි.
සැකකරුවන් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගාල්ල නාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd