
(මොහොමඩ් ආසික්)
කටුගස්තොට පහළ කොණඩදෙණිය ප්‍රදේශයේ පිහිටි ජල සම්පත් මණ්ඩලයට අයත් ඉඩමක ඉදි කර තිබූ අඩි අසූවක් පමණ ගැඹුරකින් යුත් නළ ළිඳක් ගලවා එයට සවි කර තිබූ යකඩ බට සහ විදුලි මෝටරය සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු කටුගස්තොට පොලිසිය විසින් අද (27) අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
ජල සම්පත් මණ්ඩලයට අයත් ඉඩමක ඉදි කර ඇති අඩි අසූවක් ගැඹුරකින් යුත් මෙම නළ ළිඳ මේ වන විට පුද්ගලික ආයතනයක් මගින් පාලනය කරනු ලබන අතර මෙම ළිඳ විශාල ඉඩමක පාළු කොටසක පිහිටා තිබේ.
මෙම ළිඳ ගලවා එයට සවි කර තිබූ අඟල් 10 ක් පමණ විශ්කම්භයකින් යුත් යකඩ බට සහ එහි පතුලේ සවි කර තිබූ මෝටරයද සොරකම් කර ගෙන ගොස් තිබිණ. මෙලෙස සොරකම් කරනු ලැබූ දේපළවල වටිනාකම රුපියල් 85,000 ක් පමණ වන බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව අපරාධ අංශයේ නිළධාරින් විසින් සිදු කරනු ලැබූ විමර්ශනයේදී මෙම නළ ළිඳ ගලවාගෙන යාමට සම්බන්ධ කටුගස්තොට ප්‍රදේශයේම පදිංචි සැකකරුවන් තිදෙනෙකු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර සොරා ගන්නා ලද යකඩ බටවලින් කොටසක්ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස්.උවින්දසිරි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්, උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, උප පොලිස් පරීක්ෂක ආනන්ද යන මහත්වරුන් ඇතුළු නිළධාරින් පිරිසක් මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වති.
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නළ ළිඳක් ගලවා ගෙන ගිය තුනක් අල්ලයි